මිනිස්සුන්ටත් ගමන් යන්න ඩ්‍රෝන !



සාමාන්‍ය වැසියන්ට ගමන් කළ හැකි මගී ප්‍රවාහන ඩ්‍රෝන් යානා සේවයක් ලබන ජුලි මාසයේ සිට ආරම්භ කරන බව ඩුබායි බලධාරීහු පවසති. 

චීනයේ නිෂ්පාදිත eHang 184 ඩ්‍රෝන් යානා සේවය දැනටමත් අත්හදා බලා අවසන් බව ඩුබායි මහාමාර්ග සහ ප්‍රවාහන ආයතනයේ ප්‍රධානියා පැවසීය. 

වරකට කිලෝග්‍රෑම් 100 ක් දක්වා බරැති එක් මගියකු පමණක් රැගෙන යා හැකි එම යානාවලට වරකට පියාසර කළ හැකි උපරිම කාලය මිනිත්තු 30 කි. 

යානයේ පිහිටි පරිගණකයක සිය ගමනාන්තය සටහන් කිරීමට මගියාට අවස්තාව සැලසෙන අතර, යානය තුල වෙනත් කිසිදු පාලක උපකරණයක් නොමැති බව සඳහන් වේ.මෙලෙස මඟීන් ගමන් කළ හැකි ඩ්‍රෝන යානය පසුගියදා ඩුබායිහීදි දියත් කෙරුණි.


( තිළිණි ද සිල්වා )
බී.බී.සී.ඇසුරෙනි....

 


RECOMMEND POSTS