මින් ඉදිරියට රිය පදවන්නේ නෑ



මින් ඉදිරියට තමන් රිය පැදැවීම නොකරන බවත්, රියැදුරු බලපත්‍රය අවලංගු කර දමන බවත් බි්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන 97 හැවිරිදි පිලිප් කුමරු තීරණය කර ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පිලිප් කුමරු මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා සිදුවුණු අනතුර හේතුවෙනි. පිලිප් කුමරු පදවන්න වූ ලෑන්ඞ්රෝවර් රථය වෙනත් මෝටර් රථයක ගැටී, එම මෝටර් රථයේ සිටි එමා ෆෙයාර්වෙදර් නමැති 46 හැවිරිදි කාන්තාව තුවාල ලැබුවාය. අනතුර සිදුවූයේ නෝර්ෆෝක් හි සැන්ඩි්‍රගම්හිදීය. අතේ අස්ථි බිඳීමකට ලක්වී ඇය රෝහල් ගත කළ බව ද වාර්තා විය.

අනතුර ගැන සමාව ඉල්ලීමක් ද කරමින් පිලිප් කුමරු සිය කැමැත්තෙන්ම රිය පැදැවීමේ කටයුතු නවත්වන බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS