මැලේසියා පාර්ලිමේන්තුව විසුරුවයි



මහ මැතිවරණයකට ඉඩ සළසා දෙමින්, මැලේසියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අගමැති නජීබ් රසාක් පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේ ඔහුට සහ ඔහුගේ රජයට දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකදීය.

මැලේසියාව මුස්ලිම් රාජ්‍යයක් වන අතර එරට ප්‍රධානියා වන්නේ සුල්තාන් මුහම්මද්ය. රජය විසුරුවන බව අගමැති රසාක් සුල්තාන්වරයාට දැනුම් දුන් අතර, සුල්තාන්වරයාගේ අනුමැතිය ඊට හිමිවී ඇත.

මැතිවරණය පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 60 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි මැලේසියානු පුවත් සේවා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS