මැලේරියා බෙහෙත අවදානම්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට මැලේරියා නාශක ඔසුවක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ සුදුසු නොවන බව ප්‍රංශ වෛද්‍යවරුන් පෙන්වා දීමත් සමඟ එම ඖෂධය කොරෝනා ආසාදිත රෝගීන්ට ලබාදීම වහාම නවත්වන්නැයි ප්‍රංශ වෛද්‍ය සභාව තීරණය කළේය.

‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ මැලේරියා නාශක ඔසුව, කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීමට නිර්දේශ කරනු ලැබුවේ ද ප්‍රංශ වෛද්‍ය සභාව විසිනි. ඒ, ප්‍රංශ වෛද්‍යවරුන්ගේ අදහස් විමසා බැලීමෙන් ද පසුවය.

කෙසේ නමුත් දැන් එම තීරණය වෙනස් වී ඇති බව වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ. ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ සහ ‘ඇසිත්‍රෝමයිසින්’ බැක්ටීරියා ප්‍රතිජීවක කොරෝනා ආසාදිතයටන්ට ලබාදීම පළමුවෙන් සිදු කළේ ද ප්‍රංශයයි.

රෝගීන් බොහෝ දෙනකු ඉක්මනින් මෙන්ම සම්පූර්ණයෙන් සුවය ලැබූ බව ප්‍රංශ වෛද්‍යරුන් පැවැසුවේ පසුගිය පෙබරවාරියේය.
ප්‍රංශයෙ ලෝකයට ලබා දුන් උපදෙස් සහ ප්‍රංශ වෛද්‍ය සභාව කළ නිර්දේශ මත ජෝර්දානය ඇතුළු රටවල් කීපයක් ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ සහ ‘ඇසිත්‍රෝමයිසින්’ ඖෂධ යොසා ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇරැඹුවේය. ඒ, රෝහල්වල පූර්ණ වෛද්‍ය අධීක්ෂණයක් ද යටතේ ය. ඊට හේතුව ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඉතා සංකීර්ණ සංකූලතා ඇති කරන ඔසුවක් වීම නිසාය.

කෙසේ නමුත් පසුගිය දා ප්‍රංශ වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ, ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ හේතුවෙන් කොරෝනා ආසාදිතයන් බොහෝ දෙනකු හෘද රෝගීන් බවට පත්වී සිටින බවය.
ඒ අනුව, මින් ඉදිරියට ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන්ට ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුව ලබා නොදෙන බව ද ප්‍රංශ වෛද්‍ය සභාව තීරණය කර ඇත. ප්‍රංශය ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුව ලබා දෙන බවත් එම සාර්ථක බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා පවසා තිබුණි.

කෙසේ නමුත් එම අවස්ථාවේදී ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට වෛද්‍ය උපදෙස් ලබා දිය නොහැකි යැයි පෙන්වා දෙමින්, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ බාලන අධිකාරිය එව අවස්ථාවේදී තරයේ කියා සිටියේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බවත් මැලේරියා නාශක ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුව ආසාදිතයන්ට ලබා දීම ඉතා අනතුරුදායක බවත්ය.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS