මැනිලා නුවර බෝම්බයක් පිපිරේ



පිලිපීනයේ මැනිලා නුවර වීදි සැණකෙළියක් අතරතුරේ සිදුවුණු බෝම්බ පිපිරීමකින් කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 37 කි.

බෝම්බය යතුරු පැදියක අටවා තිබුණු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පොලිස් බෝම්බ  පවසන්නේ එය නිවසේ සොයාගත හැකි උපකරණවලින් නිපදවූ එකක් කියාය.

බෝම්බය පුපුරා ගියේ සුල්තාන් කුදරාත් පළාතේ ඉසුලාන් මාර්ගයේ පැවැත්වෙන් තිබුණු සැණකෙළියේදී යැයි ද පැවැසෙයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත.

(රොයිටර්)


RECOMMEND POSTS