මාළු ටොන් 50 ක් වෙරළට ගොඩගහලා



කුවේට් වෙරළාසන්න මුහුදු ප්‍රදේශ සහ ජලය දූෂණය වීමේ උපරිම මට්ටමට පැමිණ ඇති බැවින් අධික ලෙස මසුන් මියයෑමට හේතුවී ඇති බව පාරිසරික අධ්‍යන කණ්ඩායම් ප්‍රධානියා අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවත් කර්මාන්ත ශාලා, ගරාජ, කඩසාප්පු, මෝටර්රථපිරිසිදුකිරීමහාආලේප ස්ථාන වලින් පිටකරනු ලබන රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමට ඉඩ නොදිය යුතු අතර නීති විරෝධි ආකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කාර්ණයක් බව ඔහු අවධාරණය කළේය.

මුහුදු ජලය ඉතා අධික ලෙස දුෂණය වී ඇති බව විද්‍යගාර තුල සිදුකරන ලද පරීක්ෂණ මගින්ද තහවුරු කර ගැනීමට හැකිවූ බව පාරිසරික අධිකාරිය නිවේදනය කළේය.

වෙරළේ මියගිය මසුන්ගේ බර ප්‍රමාණය ටොන් 50ක් පමණ වන බව කිමිදුම් කණ්ඩායම් ප්‍රධානි,වාලිඩ්අල්-ෆඩෙල් තක්සේරු කළේය.

කිලෝමීටර් පහක දුර ප්‍රමාණයක මියගිය මසුන් දක්නට ලැබුණු අතර අල්සලාම්,අල්-ෂොවෙයික්,අල්දෝහා, අෂීරාජ් යන වෙරළ තීරයන්ට සහ උම් අල්-නම්ලි දිවයනට ඉන් බලපෑමක් සිදුවී ඇති බව කිමිදුම් කණ්ඩායම් ප්‍රධානි,අල්-කාබස් පුවත්පතට ප්‍රකාශ කළේය.

දුෂණය වු ජලයේ සිටින මසුන් ආහාරයට ගැනීම පිළිකා ඇතිවීමට හේතුවිය හැකි බැවින් එවැනි මසුන් ආහාරයට ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වෙරළ තීරයේ මියගිය සියළුම මසුන් ඉවත් කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේය.


RECOMMEND POSTS