මාරක වයිරසයක් කේරළයේ



බෙහෙතක් නැති මාරක වයිරසක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොසිකෝදේ වෙරළාශ්‍රිත නගරයේ පැතිර යෑමට පටන්ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම වයිරසය ‘නිපා’ නමැති නමැති වයිරසයේ නව ප්‍රභේදයක් කියාය. මෙය දුර්ලභ වයිරසයක් වන අතර මෙම වයිරසයට එන්නතක් නිර්මාණය කර නැත. එහෙයින් මෙම නව වයිරසය වෛද්‍යවරුන්ට ද අබිරහසක් වී ඇති බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

වයිරසයේ රෝග ලක්ෂණ වන්නේ අධික උණය. රෝගී වූ පුද්ගලයන් තිදෙනකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 50 කට ආසන්න පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS