මානව හිමිකම් ක්‍රියාකාරිනියට ජිනීවා යාම තහනම්



 

 

(බහරේනය)

මානව හිමිකම් පිළිබඳ බහරේන මධ්‍යස්ථානයේ කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ නිලධාරිනිය වන නෙදාල් අල් සල්මාන්ට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි සැසි වාරයට සහභාගිවීම සඳහා බහරේනයේන් පිටවිම වළක්වා ඇතැයි වාර්තා වේ.

ඇය බහරේන රජය විවෘතවම විවේචනය කරන්නියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මානව හිමිකම් පිළිබඳ බහරේන මධ්‍යස්ථානයද මානව හිමිකම් කඩවිම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරයි.

 බහරේන රජය මේ දක්වා සල්මාන්ද ඇතුළුව මානව හිමිකම් ක්‍රියාකාරීන් 30 දෙනෙකුම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවලට සහභාගිවීම වළක්වා ඇත.


RECOMMEND POSTS