මා මුහුණු ආවරණ පලඳින්නේ නෑ



ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය කුමක් පැවැසුවත්, තමන් මුහුණ ආවරණය කර ගන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකන් වසංගත රෝග පාලන ඒකකය අද (4) වයිරසයෙන් බේරීමට සියලු ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ඇමෙරිකානුවන්ට උපදෙස් දුන්නේය. ඒ, ඇමෙරිකාවේ වයිරස මරණ 7,000 පසු කිරීමත් සමඟය.

මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එම සංඛ්‍යාව 2,78,000 ඉක්මවා ඇත. ඇමෙරිකාවේ මේ අයුරින්, වයිරසය ව්‍යාප්ත වූයේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ රජය වයිරසය අවතක්සේරු කළ නිසා යැයි ජනතාව චෝදනා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS