මහාරාෂ්ට්‍රයේ ආසාදිතයෝ 40,000 ක්



ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 40,000 ක් හමුවී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දියාවේ වෙළඳ අගනුවර වන මුම්බායි ඇත්තේ ද මහාරාෂ්ට්‍රයේය. මුම්බායි නුවරින් පමණක් ආසාදිතයන් 25,000 ක් හමුවී ඇත. මරණ 64 ක් වාර්තා වෙයි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණුතම හානි සිදුවූ නගරය ලෙස සැලකෙන්නේ ද මුම්බායි ය.

ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 1,18,226 ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 3,584 කි.

මුම්බායිහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS