මහජන ඒකරාශී වීම් අට දෙනකුට පමණයි



පුද්ගලයන් අටදෙනකුට වඩා වැඩි මහජන ඒකරාශි වීම් තහනම් කිරීමට ස්වීඩනය පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සැහැල්ලු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ස්වීඩනය මීට පෙර ජාත්‍යන්තර පුවත් සේවාවල සිරස්තල මැවූ අතර කෙසේ නමුත් පෙරටත් වඩා වැඩි වේගයෙන් වයිරස ආසාදිතයන් හමු වීම නිසා පුද්ගල ඒකරාශී වීම් සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මීට පෙර ඉසව්ව අනුව අදාළ ඒකරාශී වීම් 50 දෙනකුගේ සිට 300ක දක්වා සීමා පනවා තිබිණි. කෙසේ නමුත් එම සීමා ඉවත් කරමින් නොවැම්බර් 24 වැනිදා සිට පුද්ගල හා මහජන ඒකරාශී වීම් පුද්ගලයන් 8 දෙනකුට සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීමේ අරමුණින් මෙම නියෝග ක්‍රියාත්මක කරන බව ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලෝවාන් මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS