මහ රැජිනගේ බලු සුරතලා මැරිලා



දෙවැනි එලිසබත් මහ රැජිනගේ ‘කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන්ගේ අන්තිමයා වුණු ‘විලෝ’ මියගොස් ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව, එලිසබත් මහ රැජිනගේ කෝර්ගි බලු සුරතලුන්ගේ පරම්පරාව අවසන් වනු ඇති බව ද පැවැසෙයි.

දෙවැනි මහ රැජිනට විවිධ වර්ගයේ බලු සුරතලුන් සිටිය ද ඇගේ ප්‍රියතම බලු සුරතලුන් ලෙස සැළකෙන්නේ ‘කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන්ය. මියගිය ‘විලෝ’ නමැත මෙම බලු සුරතලා 14 හැවිරිදි වියෙහි පසුවුණු බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS