මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සෙබලුන් අටදෙනෙක් මියයයි



යේමනයේ දකුණුදිග ප්‍රෙද්ශයේ නගරයක් වන සින්ජිබා හිදි එල්ල කරන ලද මාරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් හමුදා සෙබලුන් අටදෙනෙකුවත් මියගොස් ඇති බව හමුදා ආරංචි මාර්ග සදහන් කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මරාගෙන මැරෙන බෝම්බකරු හමුදා ඇදුමෙන් සැරසී පුපුරණ ද්‍රව්‍ය සවිකරන ලද කාරය පදවාගෙන පැමිණ ඇති අතර හමුදා මුරපොලේහි ඉදිරි පිවිසුම් දොරටුවේදි බෝම්බය පුපපුරවා හැර ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය. 

යේමනය 2015 මාර්තු මාසයේ සිට අභ්‍යන්තර අරගලයක  ටලී සිටිති.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS