මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්
නයිජීරියාවේ මුයිඩුගුරු නගරයට එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 ක් යැයි පැවැසෙයි.
ප්රහාරයට පැමිණියෝ කාන්තා බෝම්බකාරියෝය. ප්රහාරය එල්ල වී ඇත්තේ මුයිඩුගුරු නගරයේ මුනා නමැති දිස්ත්රික්කයේය.
පළමු බෝම්බය පුපුරා යෑමෙන් මිනිත්තු කිහිපයකට පසු දෙවැනි තෙවැනි සහ සිවුවැනි බෝම්බ පිපිරීම් සිදුවුණු බව ද පැවැසෙයි. ප්රහාරයේ වගකීම නයිජීරියාවේ ප්රචණ්ඩ ක්රියා සිදු කරන බෝකෝ හරාම් ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් බාර ගනු ලැබ නැත.
(ඒ.එෆ්.පී)