මම හැමදේම බලාගන්නවා



උතුරු කොරියාවෙන් එල්ල වන මිසයිල තර්ජන සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැති බවත්, ඒ ගැන තමා බලා ගන්නා බවත් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ, ඇමෙරිකාව විනාශ කරනවා යැයි උතුරු කොරියාව කළ අනතුරු ඇඟීමෙන් පසු ධවල මන්දිරයේ රූස්වෙල් කාමරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

උතුරු කොරිටාව සිදු කළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකන් හමුදාව විමසිලෙන් පසුවුණු බවත්, ඔවුන් ඒ ගැන තමන්ට සවිස්තරාත්මකව දැනුම් දුන් බවත් ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS