මදුරෝට ජගත් සංවිධානයෙන් බලපෑම්



ඇමෙරිකාවේ බලපෑම් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙනිසියුලා නායක නිකලස් මදුරෝට බලපෑම් එල්ල වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ මදුරෝ වහා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් අන්තර්වාර ජනාධිපති ලෙස නම් කළ විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ වෙනිසියුලාවේ ජනාධිපති විය යුතු බවත්ය.

වෙනිසියුලා විපක්ෂයට පමණක් නොව යුවාන් ගුඅයිඩෝ ට ද ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලැබේ. ජනපති මදුරෝ එම ධුරයෙන් නෙරපා දැමීම සඳහා නව යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බව වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS