මදුරෝ පේරු රටින් උදව් ඉල්ලයි



තමා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතු සඳහා සහාය දක්වන්නැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, අසල්වැසි පේරු රටෙන් උදවු ඉල්ලා ඇත.

නිකලස් මදුරෝ ඝාතනය කිරීමට තැත් කෙරුණේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දෙකක් යොදා ගනිමිනි. ඒ, මීට සති 3 කට පෙරය. එම ඩ්‍රෝන යානාවල පුපුරන ද්‍රව්‍ය අටවා තිබුණි.

ඝාතන තැත ව්‍යර්ථ වුණු අතර, තමා ඝාතනය කරන්න තැත් කළේ අසල්වැසි කොලොම්බියාවේ හිටපු ජනාධිපති මැනුවෙන් සැන්ටෝස් යැයි චෝදනා නගයි.

එම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි කාර්යංශය ද පරීක්ෂණයක් පවත්වන අතර, එෆ්.බී.අයි. නිලධාරීන්ට වෙනිසියුලාවට පැමිණීමට ද මදුරෝ අවසර දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS