මට සුදුසුකම් නෑ



එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති ලෙස කටයුතු කළ නිකී හේලි එම තනතුරෙන් ඉවත් වීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දියණිය ඉවන්කා ඊට සුදුසු යැයි බොහෝ දෙනා යෝජනා කර ඇති නමුත් ඉවන්කා පවසා ඇත්තේ එම තනතුර බාර ගැනීමට තමන් සුදුස්සකු නොවන බවය.

ඉවන්කා ට්‍රම්ප් යනු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණියයි. 36 හැවිරිදි ඉවන්කා පමණක් නොව ඇගේ සැමියා ද ධවල මන්දිරයට සම්බන්ධ වී සිටිති. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදේශකයන් ලෙසය. ඒ වෙනුවෙන් ඔවුන් කිසිදු වැටුපක් ලබා ගන්නේ ද නැත.

‘එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති ධුරයට මගේ නම යෝජනාවීම ගැන මට හරිම සතුටුයි. ධවල මන්දිරයේ හිතවතුන් සමඟ එකනට වැඩ කරන්න ලැබීම ගෞරවයක්. ඒත් නිකී හේලී වෙනුවෙන් සුදුස්සකු තානාපති ධුරයට තෝරා පත් කිරීම ජනාධිපතිවරයා සිදු කරාවි. මම ඒකට සුසුස්සකු නොවෙයි’ යැයි ඉවන්කා පවසා ඇත්තේ ට්විටර් පිණිවුඩයක් නිකුත් කරමිණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS