මගී පාරුවක් පෙරැළී 40 ක් මියයති



ටැන්සානියාවේ වික්ටෝරියා විලේ යාත‍්‍රා කරමින් තිබුණු මගී පාරුවක් පෙරැුළීමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මගී පාරුවේ ඉඩකඩ තිබී ඇත්තේ මගීන් සිය දෙනකුට පමණක් වුවත්, එහි පමණ ඉක්මවා මගීන් 200 දෙනකු සිට ඇත. පාරුව පෙරැළී යෑමට හේතුව එයයි.

දියේ ගිලී අතුරුදන් වූවන්ගේ ගණන 22 ක් බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට හැකි බවත් ටැන්සානියා පුවත් සේවා වාර්තා කරයි.

ටැන්සානියාව යනු නැගෙනහිර අපි‍්‍රකාවට අයත් රාජ්‍යයකි. විදෙස් සංචාරකයන් අතරේ ජනපි‍්‍රය සෙරන්ගැටි වනෝද්‍යානය ඇත්තේ ටැන්සානියාවේය. එපමණක් නොව, අපි‍්‍රකාවේ උසින් වැඩිම ශිඛරය වන කිලිමන්ජාරෝ පිහිටා ඇත්තේ ද ටැන්සානියාවේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS