මංගල උත්සවය මැයි 19 වැනිදා



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ මංගල උත්සවය ලබන වසරේ මැයි 19 වැනිදා ශාන්ත ජෝර්ජ් දෙව්මැදුර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මංගල උත්සවය පැවැත්වෙන්නේ එෆ්.ඒ. පාපන්දු කුසලාන තරගාවලියට සමගාමීවය. මහා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ඉතා වැදගත්ම පා පන්දු තරගාවලියක මෙය වෙයි. ඒ අනුව, බ්‍රිතාන්‍ය වැසියන්ට පා පන්දු පමණක් නොව, ඔවුන්ගේ රජ කුමරාගේ විවාහය ද එදිනට සජීවීව දැක ගැනීමට හැකිවෙයි.

එපමණක් නොව, පා පන්දු කුසලානය නැරැඹීමට යුරෝපා රටවලින් පා පන්දුලෝලීහු බ්‍රිතාන්‍යයට පැමිණෙති. ඔවුන්ට ද හැරී කුමරුගේ රාජකීය මංගල උත්සවය නැරැඹීමට හැකි වෙනු ඇත. මෙය ආර්ථික වශයෙන් බි්‍රතාන්‍යයට වාසියක් වනු ඇති බව ද පැවැසෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS