මංකොල්ල රැසකට හවුල් පුද්ගලයින් 19ක් සාජා පොලීසිය මගින් අත්අඩංගුවට



මංකොල්ල කෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් 19 දෙනෙකු සාජා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

මෙම සොරු කණ්ඩායම විසින් එමිරේට්ස් ඩිනාර් මිලියන 2.8ක ආසන්න මුදලක් සොරකම් කර ඇති බව වාර්ථාවේ. 

මෙවුන් සොරකම් කරන ලද මුදල් තොගයක් වාහනයකින් රැගෙන යමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉමාරාට් අල්යුම් වාර්ථා කලේය.

මෙම අත්අඩංගුවට ගත් පිරිස සංචාරක විසා ලබාගෙන එමිරේට්ස් රාජ්‍යයට පැමිණි පුද්ගලයින් බව පොලීසිය සිදුතරන ලද මූලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS