මංකොල්ල කෑම් වලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට



අල්-අයින් හිදි සිදුවු මංකොල්ල කෑම් වලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත.

මෙවුන් විසින් වාහන වල වීදුරු කඩා එම වාහන තුල ඇති මුදල්, ජංගමදු රකථන, හැදුණුම්පත්, ලිපි ලේඛන සහ වටිනා දේවල් සොරාගනු ලබයි.  

මෙවුන් විසින් සොරාගන්නා ලද කාරයක් යොදාගනිමින් වාහන නිරීක්ෂණය කරනු ලබන අතර පසුව පැමිණ වාහනය තුල ඇති දේවල් සොරකම් කරන බව පොලීසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 

තම වාහන තුල වටිනා දේවල් තබා යෑමෙන් වැලකි සිටීමට වග බලාගන්නා ලෙස අල්-අයින් පොලිස් අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් මොහාමඩ් සුහයිල් ජනතාවට අවවාද කර සිටියේය.  

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS