බෝම්බයට 4 ක් බිලි: 44 ක් රෝහලේ



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැඳී සිටින ‘හරිත ගම්මානය’ යන නමින් හැඳින්වෙන අධිආරක්ෂිත කලාපයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 44 කි.

එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි ද පැවැසෙයි. ප්‍රහාරයෙන් පසු ‘හරිත ගම්මානය’ කලාපයේ ආරක්ෂාව දැඩි කිරීමට ඇෆ්ගන් රජය කටයුතු කළේය. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් 10 දෙනකු සිටින බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS