බෝම්බ ප‍්‍රහාරයක්: 12 ක් මරුට



ඊසානදිග ඇෆ්ගනිස්තානයේ ටකාර් පළාතේ මැතිවරණ රැලියකට  මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 22 කි.

බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ අපේක්ෂිකා නෆීසා යුසෝෆී බෙක්ගේ මැතිවරණ රැළියටය. කෙසේ නමුත් ඇයට කිසිදු අනතුරක් සිදුනොවුණු බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ පවතින්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අනුග‍්‍රහය මැද පිහිටුවූ රජයකි. ලබන 2019 වසරේ දී ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

ඊට පෙර, ලබන 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. ඇෆ්ගනිස්තානය පුරා මැතිවරණ රැුළි පැවැත්වෙන්නේ ඒ වෙනුවෙනි.  එම මැතිවරණය කඩාකප්පල් කරන බව ඇෆ්ගන් තලේබාන්වරුන් අනතුරු අඟවා ඇත. ඇෆ්ගන් තලේබාන්වරුන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදීන්ගේ ද සහාය ඇතිවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS