බොලිවියා ජනපතිට මෙක්සිකෝවේ රැකවරණ



හමුදාවේ බලපෑම් මැද බොලිවියා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණු ඊවෝ මොරාලේස්ට දේශපාලන රැකවරණ ලබා දීමට කටයුතු කළේ යැයි මෙක්සිකෝව පවසා තිබේ.

මෙක්සිකෝ රජය පවසා ඇත්තේ මොරාලේස්ගේ ජීවිතයට අනතුරක් වීමේ අවදානමක් පවතින බැවින්, ඒ ගැන සලකා ඔහුට රැකවරණ දිමට මන් සූදානම් බවය.

මොරාලේස් ඉල්ලා අස්වීමත් සමඟ බොලිවියා දේශපාලනයේ ‘රික්තකයක්’ නිර්මාණය වී ඇත. බොලිවියා දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එය නව අර්බුදයක් තෙක් දුරදිග යනු ඇති බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS