බොල්සරානෝ ජය ගනී



බ‍්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජායිර් බොල්සොරානෝ ජයග‍්‍රහණය කළේය.

බ‍්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වුණු බැවිනි.

දෙවැනි වටය පැවැත් වූයේ ජායිර් බොල්සොරානෝ සහ වාමාංශික කම්කරු පක්ෂය නියෝජනය කළ ෆර්නැන්ඩෝ හැඩාඞ් අතරේය. ජායිර් බොල්සොරානෝ හිමි කර ගත් ඡුන්ද ප‍්‍රතිශතය සියයට 55 ක් වන අතර, හැඩාඞ් හිමි කර ගැනීමට හැකිවී ඇත්තේ සියයට 44 කි.

2002 වසරේ සිට 2016 තෙක් කාලයේ බ‍්‍රසීලයේ පැවැතියේ වාමාංශික කම්කරු පක්ෂයයි. ජායිර් බොල්සොරානෝගේ ජයග‍්‍රහණයත් සමඟ දක්ෂිණාංශික දේශපාලන පෙරැුළියක් බ‍්‍රසීලයේ සිදුවෙයි.

දූෂණය පිටුදැකීමටත්, අපරාධ මැඬලීමට කැපවන බවත් ජායිර් බොල්සොරානෝ ප‍්‍රතිඥා දී තිබුණි. ජයග‍්‍රහණය සමරමින් බොල්සොරානෝ සිය පාක්ෂිකයන් අමතමින් කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමටත්, සැමවිටම ව්‍යවස්ථාවට අනුකූලවත් කි‍්‍රයා කරන බවය.

තම ජයග‍්‍රහණය වෙනුවෙන් දෙවියන්ට ස්තුති කිරීමට ද කතෝලික බැතිමතකු වන ජායිර් බොල්සොරානෝ එය අවස්ථාවක් කර ගත්තේය. ජායිර් බොල්සොරානෝ බ‍්‍රසීලයේ හමුදා කපිතාන්වරයෙකි.

පරාජය බාර ගනිමින් ෆර්නැන්ඩෝ හැඩාඞ් කියා සිටියේ විපක්ෂ නායකයාගේ භූමිකාවට තමන් සූදානම් බවය. තමන් වෙනුවෙන් ඡුන්දය ලබා දුන් මිලියන 45 ක බ‍්‍රසීල වැසියන්ට කිසිදු අඩුපාඩුවක් නොකරන බවත් ඔවුන්ට අසාධාරණයක් සිදුවුවහොත්, ඒ වෙනුවෙන් නැගී සිටින බවත්ය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS