බොරු කී නෙදර්ලන්ත විදෙස් ඇමැති ගෙදර



නෙදර්ලන්ත විදේශ ඇමැතිවරයා හිටිහැටියේ සි ධුරයෙන් ඉල්ලා අස්විය.

ඊට හේතු වී ඇත්තේ, ඔහු සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති හමුවකි.

තමන් ඒ ගැන නෙදර්ලන්ත වැසියන්ගෙන් මෙන්ම නෙදර්ලන්ත අගමැති මාර්ක් රුට්ගෙන් පවා වසං කළ බව විදේශ ඇමැති හෙල්බ් සිජිස්ට්‍රා පිළිගත්තේය.

සිය ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී,මැති ඇමැතිවරුන් කවුරුත් එකා මෙන් පුදුමයටත් කම්පනයටත් පත්වුණු බව පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS