බෙලරූස් ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්න බෑ



බෙලරෑස් රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට නොහැකි යැයි යුරෝපා සංගමය පවසයි.

මේ බව පවසා ඇත්තේ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජොසෆ් බොරෙල් ය. යුරෝපා සංගමය, යුරෝපා රටවල් 27 ක සාමාජිකත්වයෙන් යුක්තය. ඔවුන් සැවොම ඒකමතිකව පිළිගෙන ඇත්තේ බෙලරූසයේ පැවැති ජනාධිපතිවරණය දූෂිත එකක් බවය.

බෙලරූස් ජනාධිපතිවරණයෙන් සියයට 80 කට වඩා ඡන්ද හිමිකරගත්තේ වසර 25 ක් තිස්සේ බලයේ රැදී සිටින ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය.

(රොයිටර්)


RECOMMEND POSTS