බුර්කිනා ෆාසෝ දේවස්ථානයට පහර දෙති



බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ හි ප්‍රොතෙස්සත්න දේවස්ථානයකට ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ඉරිදා දේවමෙහෙය පැවැත්වෙද්දීය.

එය තිරිසන් ප්‍රහාරයක් යැයි බුර්කිනා ෆාසෝ ජනාධිපති රොක් මාක් ක්‍රිස්තියන් කබෝරේ ට්නිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. ප්‍රහාරය එල්ල වූයේ හන්ටෝකුරා නගරයේ පිහිටි දේවස්ථානයටය.

ප්‍රහාරයේ වගකීම උතුරු අප්‍රිකා කලාපයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි.

වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් දේවස්ථානයේ සිටි හත් දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.

ඔගඩුගෝ (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS