බි‍්‍රතාන්‍ය අගමැතිටත් කොරෝනා



බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

ගතවුණු පැය 24 ක කාලයේ අග‍්‍රාමාත්‍යවරයාගේ සෙම්ප‍්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පහළ වුණු    බවත් වෛද්‍ය උපදෙස් මත කොරෝනා පරීක්ෂණයට යොමු වුණු බවත්, අගමැතිවරයා ආසාදිතයකු බව ඒ අනුව තහවුරු වුණු බවත් බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වෛද්‍ය උපදෙස් පරිදි අග‍්‍රාමාත්‍යවරයා මේ වනවිට ලන්ඩන්යේ නොම්බර 10 අගමැති නිල නිවසේ නිරෝධායනයට ලක් කර තැබෙන බව ද පැවැසෙයි.

තමන් නිරෝධායනය වූ බවත්, නිරෝධායනයේ සිට වයිරසයට එරෙහි සටන දිගටහ සිදු කරන බවත් අගමැති ජොන්සන් අවධාරණය කළේය. එමෙන්ම බි‍්‍රතාන්‍ය වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් කරන මෙහෙවර ඇගැයීමට ද අග‍්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

(බී.බී.සී)


RECOMMEND POSTS