බි‍්‍රගේජියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට පවුම් 2,400 ක දඩයක්



ලන්ඩනයේ එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ට තර්ජනාත්මක හස්ත සංඥාවක් කළැයි යන චෝදනාව සම්බන්ධයෙන් බි‍්‍රගේජියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා වරදකරු කරමින්, බි‍්‍රතාන්‍ය අධිකරණයක් අද (6) ඔහුට පවුම් 2,400 ක (රුපියල් 5,70,868) දඩ මුදලක් නියම කළේය.

බි‍්‍රගේජියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස් වී විරෝධතා දැක්වූ එල්ටීටීඊ හිතවාදීන්ට තර්ජනාත්මක අභිනයක් පෙන්වූයේ පසුගිය 2018 වසරේ පෙබරවාරි 4 වැනිදාය.

ඒ වනවිට බි‍්‍රගේජියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ආරක්ෂක උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය.

එම සිදුවීමට අදාළව ලන්ඩන් නුවර දෙමළ ඩයස්පෝරාව එක් වී මීට පෙර ද නඩු පවරා තිබුණු අතර, ලන්ඩන් අධිකරණය කරුණු සලකා බලා එම නඩුව ඉවත දැමුවේය.

අදාළ කරුණ සම්බන්ධයෙන් ලන්ඩන් දෙමළ ඩයස්පෝරාව යළි චෝදනා පත‍්‍රයක් සකස් කර නඩු පවරා තිබුණු අතර අද (6) ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ දී විභාගයට ගැණුනේ එයයි.

(ටැමිල් ගාඩියන්)


RECOMMEND POSTS