බිරිය වුණත් අවුරුදු 18 ට අඩු නම් ලිංගික කටයුතු බෑ



කසාද බිරිය වුණත් එම තැනැත්තිය වයස අවුරුදු 18 ට අඩු නම්, ඇය සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිය නොහැකි බවත්, එසේ කරන්නේ නම් එය ලිංගික අපයෝජනයක් ලෙස සැළකෙන බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

ළමා විවාහ සහ අඩු වයසින් සිදුවන විවාහ සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුලයි. අවුරුදු 18 ට අඩු කාන්තාවන් විවාහකර ගත් ඉන්දියානුවෝ බහුලය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් එරට කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධාන ප්‍රසාදය පළ කර ඇති අතර, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර කාන්තා සංවිධාන පවා සිය ප්‍රසාදය පළ කර තිබේ.

 


RECOMMEND POSTS