බිම හෙලූ යානයේ නියමුවා යහතින්



ඇමෙරිකා හමුදාව විසින් පහර දී බිම දැමූ සිරියානු රජයේ හමුදාවට අයත් සුක්හෝයි එස් යූ 22 වර්ගයේ ප්‍රහාරක යානයේ නියමුවා දිවි බේරා ගැනීමට සමත් වී ඇතැයි සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

යානයට ප්‍රහාරය එල්ල වෙද්දී, අලී යනුවෙන් හැඳින්වෙන එම නියමුවා පැරෂූට් ආධාරයෙන් බිමට පැන ඇතැයි ද පැවැසෙයි. නියමුවා මේ වනවිට රක්කා නුවර ගම්මානය ආරක්ෂිතව සිටින බව ද සිරියානු රජයේ පුවත් සේවා වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)
 

 


RECOMMEND POSTS