බැග්ඩෑඩයේ ට්‍රක් රථ බෝම්බයක් පිපිරේ 17 ක් මරුට: 60 ක් රෝහලේ



ඉරාකයේ දකුණුදිග බැග්ඩෑඞ් නුවර ආරක්ෂක අංශ මුරපොළක් අසල ට්‍රක් රථ බෝම්බයක් පුපුරා යෑමෙන් ඉරාක ආරක්ෂක අංශ නිලධාරීන් ද ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලැබූ 60 දෙනෙක් කඩානමින් රෝහල් ගත කෙරුණාහ. එය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් බව ද පැවැසෙයි. බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇත්තේ මුරපොළේ සිටි ඉරාක ආරක්ෂක නිලධාරීන් ට්‍රක් රිය සෝදිසි කිරීමට සැරැසෙද්දීය.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ එය අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS