බාලි ගිනිකන්ද සක්‍රීය වෙලා



ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ ‘අගන්ග්’ නමැති ගිනි කන්ද සක්‍රීය වී, රතු සහ කළු මිශ්‍ර දුමාරයක් පිට කරන බව වාර්තා වේ.

ගිනි කන්දෙන් නිකුත් වන දුමාරය මීටර් 4,000 ක් පුරා පැතිර ගොස් ඇති හෙයින් ගුවන් ගමන් කටයුතුවලට එය බාධාවක් වී ඇති බව ද පැවැසෙයි.

ගිනි කන්ද පහළ ප්‍රදේශවල වැසියන් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට හමුදාව යෙදවුණු බව ඉන්දුනීසියානු බලධාරීහු කියති.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS