බ්‍රසීලයේ වේල්ලක් කැඩී 200 ක් අතුරුදන්



යපස් පතලක ඉදිකර තිබුණු වේල්ලක් පිපිරී කැඩී විනාශ වී යෑමෙන්, බ්‍රසීලයේ 200 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවත්, හත් දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

මියගියේ සහ අතුරුදන් වූයේ පතලේ සේවකයන්ය. වේල්ල පුපුරා කැඩි යද්දී පතලේ සිටි සේවක පිරිස 300 කි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වුණු අතර, බ්‍රසීල නව ජනාධිපති ජායිර් බොල්සරානෝ සහන සේවා කටයුතු සිදුවන අයුරු අධීක්ෂණය කළේ යැයි ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS