බස් රථ අනතුරින් 18 ක් මරුට



හොංකොං හි ‘ඩබල් ඩෙකර්’ මගී බස් රියක් අනතුරකට ලක් වී පෙරැළීමෙන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 50 ක් යැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

බස් රියේ ගමන් කරමින් සිටියේ තුරග තරගයක් නැරැඹීමට යමින් සිටි පිරිසක් බව පැවැසෙයි. බස් රිය අනතුරට ලක් වී ඇත්තේ එහි වේගය පාලන කර ගැනීමට නොහැකි වුණු නිසා යැයි පැවැසෙයි.

තුවාල ලබා දිවි බේරුණු බස් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද පැවැසෙයි.

(එ.එෆ්.පී.)

 


RECOMMEND POSTS