බලය කාටදැයි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට



කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනූ ඉන්දීය අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට, රජයක් පිහිටුවීමට හැකියාව ඇතිදැයි සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැරී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 104 ක් දිනා ගත්තේය. කර්ණාටක ප්‍රාන්තය වසර ගණනාවක් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැළකෙන කොංග්‍රස් පක්ෂයේ බළකොටුව විය.

කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 78 ක් පමණි. තෙවැනි බලවේගය වන ජනතා දාල් පක්ෂයට ආසන 38 ක් හිමිවිය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, කොංග්‍රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වී සිටී. ඊට භාරතීය ජනතා පක්ෂය විරෝධය දක්වයි. ඒ අනුව, එම අර්බුදය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS