බලන්ගොඩ නිවසකින් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර 6 ක් සොයාගනී



(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ  කිරිමැටිතැන්න  ප්‍රදේශයේ  නිවසක් සහ කැබි රථයක්  පරීක්ෂා  කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්,ජීව උණ්ඩ දෙකක් , පාර්ලිමේන්තු  පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක්  සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම භාණ්ඩ සමඟ 27 හැවිරිදි  පුද්ගලයකු  අත්අඩංගුවට  ගෙන ඇති අතර ඔහු කොළඹ  ප්‍රදේශයේ  අවන්හලක  සේවය කර ඇති බවට  පොලිසිය  විසින්   තොරතුරු  අණාවරණය  කරගෙන  තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා  හමුවට  ඉදිරිපත්  කිරීමට  නියමයි.


RECOMMEND POSTS