බයිඩන් ජනපති වුණොත් උප ජනපති ධුරය කාන්තාවකට



එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන්නේ ජෝ බයිඩන්ය.

බයිඩන් සිය උප ජනාධිපති සගයා ලෙස තෝරා ගෙන ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ තවත් ප්‍රබල චරිතයක් වන කමලා හැරිස් ය. ඇමෙරිකන් දේශපාලනයේ උප ජනපති ධුරය සඳහා කාන්තාවක නම් කළ පළමු අවස්ථාව මෙයයි.

55 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකාවනුවෙකි. ඇය කැලිෆෝනියානු සෙනෙට් මන්ත්‍රීවරියකි.

තම දෙවැනියා (උප ජනාධිපති) ලෙස කමලා හැරිස් තෝරා ගැනීම සහ ඇය ඒ සඳහා නම් කිරීම තමන්ට ලොකු ගෞරවයක් යැයි බයිඩන් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 3 වැනිදාය.

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී සිදුවන්නේ ජනාධිපති තෝරා ගැනීම පමණක් නොව, උප ජනාධිපති වෙනුවෙන් ද සටනක් සිදුවෙයි.

සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර, ට්‍රම්ප්ගේ දෙවැනියා වන උප ජනාධිපති මයික් පෙන්ස් ද යළි ඒ සඳහා තරග වදී.

කමලා හැරිස් සහ මයික් පෙන්ස් අතරේ විවාදය පැවැත්වෙනු ඇත්තේ ලබන ඔක්තෝබර් 7 වැනිදා යූටා ජනපදයේ සෝල්ට් ලේක්හිදීය.

(බීබීසී)


RECOMMEND POSTS