බන්ධනාගාරයක ගැටුමකින් 7ක් මියයති



ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ ප්‍රධාන බන්ධනාගාරයේ දරුණු ගැටුමක් හටගත්තේය. ගැටුමින් රැඳෙවියන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 17 දෙනෙක් තුවාල ලැබූහ.

1993 වසරෙන් පසු ඇමෙරිකාවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක දරුණු ගැටුමක් හටගත් පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකාවේ, විශේෂයෙන් කැරොලිනා සහ අවට ජනපදවල අති දරුණු අපරාධකරුවන් රඳවා තැබෙන්නේ මෙම බන්ධනාගාරයේය. බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කිරීමට බන්ධනාගාර බලධාරීන්ට, පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(රොයිටර්)


RECOMMEND POSTS