බංග්ලාදේශ ගංගාවලට නෛතික වටිනාකමක්



බංග්ලාදේශ ගංගා සියල්ල ජීවමාන පුද්ගලයන් සේ සලකා එම ගංගා සුරැකීමට පියවර ගන්නැයි බංග්ලාදේශ මහාධිකරණය තීන්දුවක් දුන්නේය.

මහාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ 2016 දී ඩකා අගනුවර කේන්ද්‍රකොට ගත් පරිසර සුරැකීමේ සංවිධාන කළ පෙත්සම සම්බන්ධයෙනි.

අධිකරණය දුන් තීන්දුවට අනුව, බංග්ලාදේශය සතු සිය ගණනක් ගංගා සැබෑ පුද්ගලයන් සේ සලකා, එම ගංගාවල අයිතීන් සුරැකීමට මින් ඉදිරියට පියවර ගැනීම සිදුවනු ඇත.

ගංගා ජීවමාන පුද්ගලයන් සේ සලකා නෛතික අයිතියක් දීම ඉන්දියාව, නවසීලන්තය, කොලොම්බියාව විසින් සිදු කරනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ඩකා නුවරදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS