ප‍්‍රවේශම්වෙන්න. කටාර් හි සයිබර් නීතිය දැඩිව කි‍්‍රියාත්මකයි.



ඔබ කටාර් හි ජීීවත්වන ශ්‍රී ලාංකිකයෙක් නම්, එමෙන්ම ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයෙක් නම් මේ කරුණු ඔබට ඉතා  වැදගත් වනු ඇති. 

සමාජ ජාල හරහා පුද්ගලයෙකුට අපහාස කිරීම තර්ජනය කිරීම අනුදැනුමකින් තොරව යම් පුද්ගලයෙකුගේ ඡුායාරූප සමාජ ජාල හරහා ප‍්‍රදර්ශනය කිරීම සයිබර් අපරාධ නීතිය යටතේ බරපතල වරදක්වේ. 

සමාජ ජාල ඔස්සේ තොරතුරු හුවමාරු කරගනිද්දී දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින් වැරදි සිදුවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුය. 

‘‘වට්ස්ඇප් ’’ සමාජ ජාලය හරහා කාන්තාවක් බිය ගැන්වූ හා අපහාස කළ බව කියන විසි හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව පවරා තිබු නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව ඔහුට තෙවසරක සිර ද`ඩුවමක් පනවා ඇති අතර එකී කාලය අවසන් වීමෙන් පසු හෙතෙම රටින් පිටුවහල් කිරීමටද නියම කොට ඇත. 

මෙම පුද්ගලයා අදාල කාන්තාවගේ දුරකතණය සොරාගෙන පෞද්ගලික ඡායාරූප සමාජ ජාල ඔස්සේ හුවමාරු කරන බව පවසා ඇයට තර්ජනය කර තිබේ. 
මේ අනුව සමාජ වෙබ් අඩවි භාවිතයේ දී පමණක් නොව දුරකතන භවිතයේ දී පවා ප‍්‍රවේශම් විය යුතු බව පෙන්වා දිය යුතුව ඇත. 

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS