පොලිස් වෙඩිල්ලෙන් ත්‍රස්තයෙක් මරුට



ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගණනාවකට සම්බන්ධ චෝදනාවන් ලැබූ වලීඩ් ටලලා අලි අල්-ආරයිඩ් පොලීසිය අත්අඩංගුවට ගැනීමට යෑමේදි පොලීසිය එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

අල්- මසුරා දිස්ත්‍රිකයේ පිහිටා ඇති අල්-අවාමියා ග්‍රාමයේදී පොලිස් මුර සංචාරක රථය වලීඩ් ටලලා අලි අල්-ආරයිඩ්ව අත්අඩංගුවට ගැනීම සදහා පැමිණ ඇති අතර නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේදි වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

වෙඩි හුවමාරුවේදි සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහුව රෝහල් ගත කර ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇත.
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

 

 


RECOMMEND POSTS