පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා



ජෝජ් ෆොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, ඔහුගේ ගෙල දණහිසින් තද කරගෙන සිටි මිනියැපොලිස් සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරික් චුවෑන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත.

පොලිස් අත්අඩංගුවට ගෙන සිටිද්දී මරණය සිදුවුණැයි අධිකරණය තීන්දු කර තිබේ. ජෝජ් ෆොයිඩ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සුදු ජාතික පොලිස් නිලධාරීන් සිවුදෙනකු සම්බන්ධය. මාංචු දමා සිටිද්දී ජෝජ් ෆොයිඩ් බිම පෙරළා ගෙන ඔහුගේ ගෙල තද කර ගෙන සිටියේ  ඩෙරික් චුවෑන්ය.

මිනියැපොලිස් නුවර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූයේ එම සිදුවීමේ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමගය. කෝපයට පත් පිරිස් මිනියැපොලිස් නුවර පොලිස් ස්ථානයට පහර දී ගිනිබත් කළේ යැයි ද වාර්තා විය.

මිනියැපොලිස් (රොයිටර්)


RECOMMEND POSTS