පේරු ජනපතිට අල්ලස් චෝදනා



අල්ලස් වංචා චෝදනා එල්ල වීමත් සමඟ පේරු ජනාධිපති පේඞ්රෝ පාබ්ලෝ කුසින්ස්කීට ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් එල්ල වෙමින් පවතී.

බ්‍රසීල සමාගමක් සමඟ කළ ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක අල්ලස් ලබා ගත්තේ යැයි කුසින්ස්කීට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ, කුසින්ස්කී ජනපති ධුරයට පත් වීමට පෙර මුදල් ඇමැති ලෙස කටයුතු කරද්දීය.

ජනතාව බල කර සිටින්නේ ඔහුට වඩා ධුරයෙන් ඉවත්වන ලෙසය. මේ වනවිට කැබිනට් මණ්ඩලයේ සහාය ද ජනපතිවරයාට අහිමි වී ඇති බව දැනගන්න ලැබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS