පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් සේවයට



කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද සේවයට කැඳවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ සිට තුන් ලක්ෂය ඉක්මවන අතර, මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 20 පසු කර අවසන්ය.

ආසාදිතයන් දිනපතා ඉහළ යෑමත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සැලකිල්ලට ගනිමින්, වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්ගේ විභාග කල් දමා, පුහුණු මට්ටමේ සිටින වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද ‘කොවිඩ්-19’ මර්දන සටනට කැඳවීමට ඉන්දීය රජයට සිදුවී ඇත.

කොරෝනා වසංගතයට ගොදුරු වීමෙන් ඉන්දීය වෛදවරුන් 747 කි. පසුගිය අප්‍රේල් මාසයේ මියගිය වෛද්‍යවරුන් ගණන 34 කි. ඉන්දීය රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යද්දී, රෝහල් ඇඳන්, ඔක්සිජන් පමණක් නොව ඖෂධ හිඟයක් ද නිර්මාණය වී ඇත.

මේ වනවිට ඉන්දියාවේ වැඩිහිටි සැමට එන්නත් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇති නමුත් එන්නත් හිඟයක් ද පවතින බව වාර්තා වේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS