පුහුණු පාසලට ත්‍රස්ත ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර එරට බුද්ධි අංශ නිලධාරීන්ගේ පුහුණු මධ්‍යස්ථානයකට අද (16) උදෑසන තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් කණ්ඩායමක් පැමිණ ඇත. ඔවුන් වෙඩි තබමින් පුහුණු මධ්‍යස්ථානයට කඩා වැදුණි. එම අවස්ථාවේදී මධ්‍යස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් සහ ත්‍රස්තවාදීන් අතරේ දරුණු වෙඩි හුවමාරුවක් සිදුවිය.

බුද්ධි අංශ නිලධාරීන්ගේ පුහුණු පාසලට මෙසේ ප්‍රහාරයක් එල්ල වූයේ උපකාරක පංති ගොඩනැගිල්ලට එල්ල වුණු ප්‍රහාරයෙන් පැය 12 ක් ගතවීමටත් පෙරය.

කාබුල් අගනුවර උපකාර පංති පැවැත්වෙන ගොඩනැගිල්ලකට මරාගෙන මැරෙන බෝම්බකරුවකු කඩා වැදී බෝම්බය පුපුරුවා ගත්තේයඑම ප්‍රහාරයෙන් මියගිය ගණන 48 ක් බවත් තුවාල ලැබූ ගණන 67 ක් බවත් වාර්තා විය.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS