පුවත් වෙබ් අඩවි පැය 12 ක් නවතා දැමේ



බංග්ලාදේශයේ ප්‍රධාන පුවත් වෙබ් අඩවි 58 ක්, පැය 12 ක කාලයක් සඳහා නවතා දැමීමට එරට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

විදුලි සංදේශ නියාමන කොමිසම කියා සිටියේ, ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බවය. නවතා දැමුණු මෙම වෙබ් අඩවි 58 රජයේ ප්‍රවෘත්ති අමත්‍යාංශයේ ලියාපදිංචි ඒවා නොවන බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS