පුටින්ට ඉහළ පිළිගැනීමක්



කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

කිර්ගිස්තාන ජනාධිපති ජීන්බේවෝ, බිෂ්කේක් අගනුවර, මනාක් ගුවන්තොටුපොළට ගොස් රුසියානු ජනාධිපතිවරයා පිළිගත්තේය. ඉන්පසු ජනපතිවරුන් දෙදෙනා අතරේ සමුළුවට සමගාමීව ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණි.

කිර්ගිස්තානය යනු ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. ෂැංග්හායි සහයෝගීතා සමුළුව සංවිධානය කරනු ලබන්නේ මෙම සංවිධානයයි.

කිර්ගිස්තානය, සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 90 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව කැඩී ගිය අවස්ථාවේදීය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS